‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ දොලොස් වැනි අදියර කොග්ගලදී නිම වේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ කොග්ගල ගුවන් හමුදා කඳවුර විසින් ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ දොලොස් වැනි අදියර 2021 සැප්තැම්බර් මස 30 වන දින  කොග්ගල ප‍්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.

මීපේ ප්‍රාදේශීය රෝහලේ කොවිඩ් 19 වාට්ටුව සඳහා නව ඔක්සිජන් ප්‍රතිකාර ඒකකයක් කොග්ගල ගවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ මහතා විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත භාර දෙන ලදී.මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා අරමුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුර මගින් පරිත්‍යාග කරන ලදී.මීපේ ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස දැනට ක්‍රියාත්මක වන අතර දැඩි සත්කාර ඒකකයේ පහසුකම් පුළුල් කිරීම මගින් රෝහලට පැමිනෙන රෝගීන් හට සිදුවන අපහසුතා මගහැර වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම අවස්ථාවේදී මීපේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත වෛද්‍ය උපකරණ කට්ටල (පුද්ගලික ආරක්ෂණ උපකරණ)  ප්‍රදානය කිරීමක් ද සිදු විය.

මෙම අවස්ථාවට කොග්ගල ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරීතුමන්, මීපේ ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය ආර් එම් කොටඹගේ ඇතුලු කාර්ය මණ්ඩලය, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් සීමිත පිරිසක් සහභාගී විය. උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.