චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී තුමා වැඩ භාර ගැනීම ඊයේ (2021 ඔක්තෝබර් 08) දින සිදු විය. මෙහිදී මෙතෙක් අණදෙන නිළධාරී ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් එම්සීඑම් ප්‍රනාන්දු විසින් නව අණදෙන නිළධාරී ලෙස පත්වන එයාර් කොමඩෝර් පීඑල්එල්සීඑස් අල්විස් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදි.

නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රනාන්දු මහතා ප‍්‍රධාන තත්ත්‍ව නීර්ණ නිරීක්‍ෂණ නිලධාරියා ලෙස රාජකාරී ආරම්භ කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත යාමට නියමිතය. විද්‍යාලය නඟා සිටුවීමට සහ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නව අණදෙන නිලධාරීවරයාට ද සහය දක්වන ලෙස ඔහු විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.