කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 37 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර එහි 27 වන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්එම්ටි රාජපක්ෂ මහතාගේ අණ යටතේ ඊයේ (2021 ඔක්තෝබර් 19) සිය 37 වන සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී.

සාම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සහ අණදෙන නිළධාරී විසින් සියලුම නිලයන් සහ සිවිල් වැසියන් ඇමතීමෙන් සංවත්සර දින කටයුතු ආරම්භ කරන ලද අතර එහිදී ඔහු කඳවුරේ වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම අවධාරණය කළේය. තවද පවතින කොවිඩ්-19 තත්ත්වය සඳහා අභියෝගාත්මක අවස්ථාවන්හිදී සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවා පුද්ගලයින් විසින් කරන ලද වටිනා දායකත්වය ඔහු අගය කළේය.

අනතුරුව අණදෙන නිළධාරී ඇතුලු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. තවද කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අතර සමගිය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරඟාවලියක් සහ සියලුම නිලයන් සඳහා දිවා ආහාරය සංවිධානය කරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව 2021 ඔක්තෝම්බර් මස 12 සහ 15 යන දිනයන්හිදී  ලේ දන්දීමේ වැඩසටහනක් සහ ශ්‍රමදාන ව්‍යාපාරයක් කඳවුරු පරිශ්‍රයේ සහ පීල්ලගොඩ සුමනජෝති මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර 2021 ඔක්තෝබර් 18 වැනි දින සෝමාවතී ළමා නිවාසයට පරිත්‍යාග වැඩසටහනක්ද පවත්වන ලදී. මෙම සියුලු වැඩසටහන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිදුකරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.