අංක 68 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

අංක 68 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 03 වන අද දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සීඑච්ආර් සොයිස මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 31 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරින් 28 දෙනෙකු සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ එක් නිලධාරිවරයෙකු සහ පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ නිලධාරීන් දෙදෙනෙකු විය.

නිරෝධායනය සම්පූර්ණ කරමින් සති දෙකක ඊ-අධ්‍යාපන ක‍්‍රමවේදයක් යටතේ පැවැත්වූ අතර මෙම පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව සිදුකරණ ලද අතර මෙහි විශිෂ්ඨ දස්කම් දක්වන නිළධාරීන් උදෙසා ආරක්ෂක කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් පිරිනැමීමට කටයුතු කරනු ලැබේ.

මෙම අවස්ථාව අමතමින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී තුමන් ප‍්‍රකාශකර සිටියේ  ගුවන් හමුදාවට සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ දැනුමක් ලබා ගැනීමේ අරමුණෙහි ඇති වැදගත් බව අවධාරණය කලේය.

මෙහිදී සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සීඑච්ආර් සොයිස නිලධාරීතුමන් අතින් නිළධාරීන් 31 දෙනෙකු සහතික පත් ලබාගත් අතර උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය සඳහා ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.