‘ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ විසිවැනි අදියර කොත්මලේ දී සාර්ථකව නිම වේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර විසින් "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ විසිවැනි වැනි අදියර 2021 නොවැම්බර් මස 29 වන දින කොත්මලේ, පූඩළුඔය සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී.

පූඩළුඔය සුමංගල ප්‍රාථමික විද්‍යාල විසින් ප‍්‍රදේශයේ දරු දැරියන් 80 කට පමණ
අධ්‍යාපන පහසුකම් සපයන අතර මෙම දරුවන්ගේ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සඳහා මුළු පාසලම ප්‍රතිසංස්කරණය කිරීම සහ නව විදුලි රැහැන් පද්ධතියක් ලබා දීම සිදු කරන ලදී.

පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සාර්ථකව සිදු කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ පිදුරුතලාගල ගුවන් හමුදා  කදවුර විසින් අරමුදල් සපයන ලදී.උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.