ගුවන් හමුදාපතිතුමන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ අලුතින් ඉදිකරමින් පවතින ගුවන් හමුදා මුලස්ථානයේ නිරීක්ෂණයක

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද දින (2021 දෙසැම්බර් 04) ගුවන් හමුදා මූලස්ථානය නැවත ස්ථානගත කිරීම සඳහා වෙන් කර ඇති ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ මහතා විසින් ගුවන් හමුදාපති තුමන් එම ස්ථානයේදී පිළිගන්නා ලදී. නව ගුවන් හමුදා මුලස්ථානයේ ඉදිකිරීම් වල නිරත සියලුම ඉංජිනේරු නිලධාරීන් විසින් ඉදිකිරීම්වල වර්තමාන ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මකව ගුවන් හමුදාපති තුමන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්, ව්‍යාපෘතියේ විවිධ කාර්යයන් සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ සිවිල් ඉංජිනේරු නිලධාරීන් ද වත්මන් ප්‍රගතිය පිළිබඳ ගුවන් හමුදාපතිතුමා දැනුවත් කිරීම සඳහා පැමිණ සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.