ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය පක්‍ෂාංගය සිය 02 වන සංවත්සරය සමරයි.

කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ විද්‍යාත්මක න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගයේ සිය 02 වන සංවත්සරය 2021 නොවැම්බර් මස 27 වන දින සමරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කිරීම සඳහා සංවත්සර දින පෙළපාලිය සිදුකරනු ලැබූ අතර එය රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් නිලේද්‍රා පෙරේරා නිළධාරීතුමන් පරීක්ෂාවට ලක් කල අතර සියලුම නිළයන් අමතා විෂබීජහරණ මෙහෙයුම් සඳහා ලබා දෙන දායකත්වය පිළිබදව බෙහෙවින් අගය කරන ලදී.

අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ වු අතර පක්‍ෂංගයේ සියලුම නිළයන් අතර සුහදත්වය වර්ධනය කිරිම සඳහා ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්ෂ මහතා සහභාගී විය.

සංවත්සරයට සමගාමීව 2021 නොවැම්බර් මස 20 වන දින ගෝනවල විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සහ 2021 නොවැම්බර් මස 25 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේ පිච්ච මල් පූජාවක් සංවිධානය කර තිබුණි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සංවත්සරයේ කටයුතු සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.