ගුවන් හමුදාව ගුවන් යානා හා ඩ්‍රෝන යානා මගින් කොළඹ රථ වාහන තද බදය පිළිබද නිරීක්‍ෂණයක

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දිවයින තුළ කි‍්‍රයාත්මක වු සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය  තත්වයට පත්විමත් සමග කොළඹ ප‍්‍රදේශය තුලට වැඩි රථවාහන ප‍්‍රමාණයක් ඇතුල් වීම නිසා දැඩිවාහන තදබදයක් පවතින බැවින් ඒ පිළිබද නිරික්ෂණයන් සිදුකර අවශ්‍යය නිසි ක‍්‍රියාමාර්ග ගැනිමට කටයුතු සිදු කරන ලෙස අති ගරු ජනාධිපති තුමන් විසින් උපදෙස් ලබා දි ඇති අතර ඒ පිළිබද ගුවනින් නිරික්ෂණ කිරිම සදහා  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩෝ‍්‍රන යානා යොදාගනිමින් කොළඹ ප‍්‍රදේශය තුල රථවාහන තදබදය පිළිබද නිරීක්‍ෂණය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුමක් ශ‍්‍රී ලංකා පොලිසිය සමග එක්ව 2021 නොවැම්බර් මස 25 වන දින සිදු කරන ලදි.

ඒ අනුව ගුවන් හමුදා ඩෝ‍්‍රන යානා යොදා ගනිමින් නෙළුම් පොකුන මංසන්දිය. ආර්යුවේද වටරවුම. දියත උයන ප‍්‍රදේශය.පංචිකාවත්ත ප‍්‍රදේශය.නව කැලණි පාලම ප‍්‍රදේශය හා පාර්ලිමෙින්තුව අසල මුලික කරගනිමින් නිරික්ෂණ මෙහෙයුමි සිදු කරනු ලැබු අතර බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යෙදා ගනිමින් කොළඹ ප‍්‍රදේශයම ආවරණය වන පරිදි නිරික්ෂණ මෙහෙයුම සිදු කරන ලදි.


Morning

Afternoon

Evening

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.