"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 19 වනි අදියර වන්නි "ශ්‍රී කිරුෂ්ණ විද්‍යාලයේ" දී සාර්ථකව නිම වේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ වන්නි ගුවන් හමුදා රෙජිමෙින්තු පුහුණු පාසල විසින් "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 19 වැනි අදියර 2021 නොවැම්බර් මස 29 වන දින සාර්ථකව පවත්වන ලදී.

"ගුවන් මිතුදම්" 19 වැනි අදියර ලෙස වවුනියාව දිස්ත්‍රික්කයේ "සින්නත්තම්පනෙයි" ප‍්‍රදේශයේ  "ශ්‍රී කිරුෂ්ණ විද්‍යාලයේ" පාසල් ගොඩනැගිලි සහ පෙර පාසල ප‍්‍රතිසංස්කරණය කර සිසුන්ට භාර දීම මෙන්ම සහ අඩු ආදායම් ලාබී පවුල් වල ඉගෙනුම ලබන දු දරුවන් 17 දෙනෙකු සඳහා පොත් පත් බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන්  නිශාන්ත ප්‍රියදර්ශන මහතාගේ  අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වු අතර මෙම ව්‍යාපෘතිය සඳහා වන්නි ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ වන්නි ගුවන් හමුදා  කදවුර විසින් අරමුදල් සපයනු ලැබු අතර උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.