මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 07 වන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 07 වන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන 07 වන කණ්ඩායම මධ්‍යම අපි‍්‍රකාව වෙත 2021 නොවැම්බර් මස 30 වන දින  දිවයිනෙන් පිටත්ව ගියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ ගුවන් භටයින් 90 දෙනෙකුගෙන් සමන්විත 110 දෙනෙකුගෙන් යුත් මෙම බළඝණය බාරව කටයුතු කරනු ලබන්නේ විංග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි වන අතර මෙවර බළගණයේ වෛද්‍ය කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරිනියක් සහභාගී වීමද සුවිශේෂි කරුණක් වේ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.