ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් විදේශික අභ්‍යාසලාභීන් සඳහා සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් 2021 ඔක්තෝම්බර් 27 දින සිට 2021 නොවැම්බර් මස 26 වන දින දක්වා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා ගුවන් භටයින් 16 දෙනෙකු හට අංක 02 සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාස පාඨමාලාව සහ බංගලදේශ සහ මාලදිවයින් විදේශික අභ්‍යාසලාභීන් 04 දෙනෙකු සඳහා අංක 01 සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසය සාර්ථකව අවසන් කරන ලදී.

ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් විදේශික අභ්‍යාසලාබීන් සඳහා මෙම පාඨමාළාව නිර්මාණය කර ඇත්තේ සෙවීම සහ මුදාගැනීම, විශේෂ මෙහෙයුම් සහ ගුවන් යානා සමඟ වැඩ කිරීමේදී ක්‍රම ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සහ සහතිකපත් ප්‍රදානය 2021 නොවැම්බර් මස 26 වන දින රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මොරවැව ගුවන් හමුදා කදවුරේ දී පැවැත්විණි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.