ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලියට ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 44 වන ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් ගුවන් හමුදා මුලස්ථානයේදි සිය සුබ පැතුම් එක් කරන ලදි. මෙම තරගාවලිය සදහා ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් හතර දෙනෙකු (04) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් 2021 නොවැම්බර් මස 17 වන දින කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත.  

මෙම තරගාවලිය සදහා විංග් කමාන්ඩර් නිරෝෂන් රිටිගල, සැරයන් සම්පත් මීරියගල්ල, නායක ගුවන් කාන්තා හංසිකා මධුභාෂිනී, නායක ගුවන් කාන්තා චතුරිකා අමරසිංහ යන ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් තරග වැදිමට නියමිතව ඇති අතර මෙම පැරෂුට් කණ්ඩායෙමි කණ්ඩායම් භාර ප‍්‍රධාන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන හා ප‍්‍රධාන පුහුණුකරු ලෙස විංග් කමාන්ඩර් විජිත ගෝම්ස් යන නිළධාරීවරුන්ද ඇතුලූව හය (06) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරය සඳහා එක් වීමට නියමිතව ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.