ලෝක ආරක්ෂක සේවා රෙස්ලින් තරගාවලියට සහභාගීවන ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් දිවයිනෙන් පිටත්ව යයි.

35 වන ලෝක ආරක්ෂක සේවා රෙස්ලින් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩකයින් හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ගුවන් හමුදා මුලස්ථානයේදි පසුගියදා සුබ පැතුම් එක් කරන ලදි. මෙම තරගාවලිය සදහා ගුවන් හමුදා ක‍්‍රීඩකයින් හතර දෙනෙකු (04) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් 2021 නොවැම්බර් මස 18 වන දින ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇත.  

මෙම තරගාවළිය සදහා කෝප‍්‍රල් උදාර ප‍්‍රනාන්දු (ක‍්‍රි.ග‍්‍රෑ 61 බර පංතිය),  නායක ගුවන් භට ලක්මාල් විජේසූරිය (ක‍්‍රි.ග‍්‍රෑ 74 බර පංතිය), නායක ගුවන් භට නිෂාන් වල්පිට (ක‍්‍රි.ග‍්‍රෑ 92 බර පංතිය), නායක ගුවන් භට රුවන් කල්යාන (ක‍්‍රි.ග‍්‍රෑ 125 බර පංතිය) යන ගුවන් හමුදා ක‍්‍රීඩකයින් තරග වැදිමට නියමිතව ඇත.

රෙස්ලින් කණ්ඩායමේ කණ්ඩායම් නායකයා ලෙස ගෲප් කැප්ටන් එරන්දික ගුණවර්ධන මහතා කටයුතු කරනු ලබන අතර කණ්ඩායම භාර ප‍්‍රධාන නිළධාරී ලෙස එයාර් කොමඩෝර් උදුල විජේසිංහ මහතා හා ප‍්‍රධාන පුහුණුකරු ලෙස නායක ගුවන් භට විජේසිරි ප‍්‍රනාන්දු කටයුතු කරනු ලබයි. 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.