ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර මුලතිවුහිදී සාර්ථකව නිම කෙරේ

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 22) දින ගුවන් හමුදා මුලතිව් කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව අවසන් කරන ලදී.

මුලතිව් තන්නිරුත්තු දෙමළ මිශ්‍ර පාසලේ "ප්‍රථමාධාර කාමරය" ඇතුලුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 18 වැනි අදියර ලෙස නිමකර පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදීම ගුවන් හමුදා මුලතිව් කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි දුෂාන්ති ලියනආරච්චිගේ මහත්මිය විසින් සිදුකරන ලදී. තවද, මෙම උත්සවයේදී ශීතකරණයක් සහ වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමක් ද සිදු විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඩීආර් ලියනආරච්චිගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ මුලතිව් කදවුර එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී. කොවිඩ් - 19 සීමා කිරීම් හේතුවෙන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.