විධායක සුභසාධන ව්‍යාපෘති ඒකකය සිය 12 වැනි සංවත්සරය සමරයි

විධායක සුභසාධන ව්‍යාපෘති ඒකකය  සිය 12 වැනි සංවත්සරය අභිමානවත් ලෙස ඊයේ (2021 නොවැම්බර් 19) එහි වැඩබලන විධායක සුභසාධන ව්‍යාපෘතිභාර නිළධාරී ගෲප් කැප්ටන් ඊ.එස් පොන්නප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමරන ලදී.

විධායක සුභසාධන ව්‍යාපෘති ඒකකය යටතේ ඇති සියලුම ව්‍යාපෘතිවල සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අතර සමගිය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර ක්‍රියාදාමය ආරම්භ විය. ඉන් අනතුරුව සහභාගී වූ සියලුම දෙනා සඳහා දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව අත්තිඩිය යසෝදරා දේවි බාලිකා ළමා නිවාසයට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කළ අතර ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ශ‍්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී. තවද. මෙම සැමරුම් උත්සවය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.