සඳහිරු සෑය මහා සංඝරත්නය වෙත පූජා කෙරේ

අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති සඳහිරු සෑය අපගේ ආදරණීය මාතෘභූමිය  වෙනුවෙන් දිවි පිදූ සියලුම වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඉදිකරන ලද අතර මෙම ස්මාරක චෛත්‍යය ඊයේ (2021 නොවැම්බර් 18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  සහ ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවති මෙම ආගමික උත්සවයට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ චාමිනී පතිරණ යන මහත්ම මහත්වීම්ද සහභාගී විය.

මහනායක හිමිවරුන් හා අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අන්‍යාගමික  පූජකවරුන් මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, යුද හමුදාපතිවරු, පොලිස්‌පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් මෙම පින්කම සඳහා සහභාගී වන ලදි.

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත නිරාවරණය කිරීමේ උත්සවය පිරිත් සජ්ඣායනා සහ ශබ්ධ පූජා මධ්‍යයේ ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.