සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

සීගිරිය ගුවන් හමුදා කදවුරේ අභිනවයෙන් ඉදිකරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ඊයේ (2022 ජනවාරි 10) දින මෙම කඳවුරේ සේවයේ නියුතු පුද්ගලයින්ගේ ප්‍රධාන සුභසාධන පහසුකමක් සපුරමින් විවෘත කරන ලදී.

ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් සේනක කුලතුංග ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය අවසන් කරන ලදි.

සීගිරිය ගුවන් හමුදා කදවුරේ  සේවා වනිතා ඒකකයේ සභාපතිනි  මංජුමා කුලතුංග මහත්මිය ඇතුලු සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සෙසු නිලයින් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. කොවිඩ්-19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම අවස්ථාව පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.