අංක 3 සමුද්‍රීය බලඝණය සිය 3 වන සංවත්සරය සමරයි

අංක 3 සමුද්‍රීය බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ  නැවත ස්ථාපිත කිරීමෙන් පසු අද (2022 ජනවාරි 11) සිය 3 වැනි සංවත්සරය සමරනු ලැබීය. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය නිලධාරි අණදෙන මෙහෙයුම් බලඝණ නායක එම්.ඒ.යූ. මනිකාරච්චි විසින් ආරම්භ කරන ලද අතර මෙම සැමරුම කොවිඩ්-19 වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව බලඝණයේ සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

අංක 3 සමුද්‍රීය බලඝණය 1965 දී ආරම්භ කරන ලද අතර, බලඝණයේ ඉතිහාසය ලෙස  1971 දෙසැම්බර් මාසයේදී එවකට සිටි අණදෙන නිළධාරී  බලඝණ නායක නූර් රහීම් විසින් ගුවන් හමුදා චීනවරාය කඳවුරේදී අංගසම්පූර්ණ ක්‍රියාකාරී පියාසර පද්ධතියක් ලෙස
ප්‍රතිසංස්කරණය කරන ලදී.

1971 කැරැල්ල අතරතුර අවශ්‍ය වූ ආයුධ ජාවාරම් වලක්වා ගැනීමක් ලෙස පේදුරුතුඩුවේ සිට ගාල්ල දක්වා නැගෙනහිර වෙරළ තීරයේ අලුයම සිට සවස ඔත්තු බැලීමේ මුර සංචාර භාර දෙන ලදී.

සෙස්නා 337 ගුවන් යානා එකතු කිරීමත් සමඟ ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත මාරු වූ බලඝණය 1988 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ.යට එරෙහිව නිරීක්ෂණ මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරේ ස්ථානගත කරන ලදී. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා බලඝණයේ මෙහෙයුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉටු කරන ලද සුවිශාල මෙහෙවර මෙහිදී සිහිපත් කරන ලදී.  

අද වන විට ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍රීය නිරීක්ෂණ ප්‍රබල ලෙස ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇති අතර, එම බලඝණය 2019 ජනවාරි 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී නැවත ස්ථාපිත කරන ලදී. දැනට එය ''Beech King Air B-200'' ගුවන් යානයකින් සමන්විතයි. අංක 3 සමුද්‍රීය බලඝණය අපගේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා සමුද්‍රීය, ගොඩබිම් නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සිදු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.