2022-2023 වර්ෂය සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

2022/2023 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන්  හමුදාව විසින් ඊයේ (2022 ජනවාරි 03) ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් නිල වශයෙන් භාර ගන්නා ලදී. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් දරනු ලබන අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ගෲප් කැපටන් එරන්ද ගීගනගේ පත් විය.

භාරදීම සහ භාරගැනීමේ උත්සවය වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණු අතර එහිදී නිල ධජය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ,කොමදෝරු රොනාලු ෆොන්සේකා විසින් ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ වෙත චාරිත්‍රානුකූලව භාරදෙන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැපටන් එරන්ද ගීගනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ අනෙකුත් නිලධාරීන් මෙම අවස්සථාව සදහා හභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.