ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර කටුනායක කඳවුරේදී සාර්ථකව නිම කෙරේ

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 24) දින කටුනායක කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සාර්ථකව නිම කරන ලදී.

කුරණ ශාන්ත ආනා මධ්‍යස්ථානයේ නළ පද්ධතියක් සහිත උස් ජල ගබඩා ටැංකියක් සහ සේදුම් ද්‍රෝණි දෙකක් සවිකිරීම සහ මීගමුව තම්මිට පිහිටි ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයට ජල පිරිපහදු යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීම 18 වැනි අදියර ලෙස සිදුකෙරිණි. කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම ව්‍යාපෘති සඳහා ගුවන් හමුදා කටුනායක කඳවුර හා එක්ව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයනු ලැබූ අතර, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සාර්ථකව නිම කරන ලදී. කොවිඩ්-19 සීමා කිරීම් හේතුවෙන් මෙම උත්සවය සීමිත සහභාගිවන්නන් පිරිසක් සමඟ පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.