එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ‍්‍රාම ලබයි

වසර 35කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවයක් සම්පූර්ණ කිළ එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ වේන් එදිරිවීර විජේසූරිය USP, MSc (MOA) USA, MSc (Def Stu) in Mgt, MSc (NSWS-Pak), MDS, ndc (Pak), psc මහතා අද දින (නොවැම්බර් 24) ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ‍්‍රාම යන ලදි. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් විජේසූරිය මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ කාර්යාලයේදී නිල වශයෙන් විශ‍්‍රාම ගන්නා ලදී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා ජාතියට සිදු කරන ලද කැපවීම සහ කීර්තිමත් දීර්ඝ සේවා කාලය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමා විසින් ඔහුව ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් විජේසූරිය මහතා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුවල ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර ගුවන් හමුදා වර්ණ අංශය විසින් ඔහුට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

1966 නොවැම්බර් 24 වැනි දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් විජේසූරිය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් සහ කොළඹ ජාත්‍යන්තර පාසලෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඉන්දියාවේ ඩාර්ජිලිං ශාන්ත පාවුළු පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

ඔහු 1986 මැයි 5 වන දින 16 වන නිලධාරි කැඩෙට් නිළධාරී පාඨමාලාවේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අතර 1987 දෙසැම්බර් 27 වන දින තාක්ෂණික ඉංජිනේරු අංශයේ පයිලට් ඔෆිසර් නිලයට පත් කරන ලදී. වසර 35කට වැඩි ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු තාක්ෂණික පරිපාලන පත්වීම් ගණනාවක් ද දරා ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.