ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිළධාරී වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජනවාරි 15) දින පැවැත්වුනු අතර එහිදී වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිලධාරීයා ලෙස වැඩ භාර ගැනීමට පෙර ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි අණදෙන නිලධාරියා ලෙස වැඩ බලන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.