ගුවන් මිතුදම් 22 වැනි අදියර ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පවත්වයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් අද (2022 ජනවාරි 16) දින ගුවන් මිතුදම් 22 වන අදියර සාර්ථකව නිම කරමින් අම්පාර අභයපුර විද්‍යාලයේ අංගසම්පූර්ණ නව නර්ථන රංග ශාලාවක්  විවෘත කරන ලදී.

 ආසන්න වශයෙන් සිසුන් 103 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන මෙම පාසල ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිසුන්ට ඇති පහසුකම් සැලසීමට ගෙන පාසල් ළමුන් සඳහා පාසල් පොත්පත් සහ සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීම ද එදින සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය අතින් සිදු විය.

ගුවන් හමුදා අම්පාර කඳවුරෙහි අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන නිළධාරීතුමන්ගේ  අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ අම්පාර ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා අම්පාර කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රියන්වදා ගුණවර්ධන මහත්මිය, ගුවන් හමුදා කඳවුරේ අනෙකුත් නිළධාරීන් සෙසු නිලයන්,අභයපුර විද්‍යාලයේ ගුරුසිසු කැල සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් COVID-19 වැළැක්වීමේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ  පැවැත්විණි.

s

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.