අංක 05 ප්‍රහාරක බලඝණය 31 වැනි සංවත්සරය සමරයි

අංක 5 ප්‍රහාරක බලඝණය "Black Drongos" සිය 31 වන සංවත්සරය අද (2022 පෙබරවාරි 01) දින සමරනු ලැබීය.අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොෂාන් පෙරේරා නිලධාරීතුමන් ප්‍රධානත්වයෙන් බලඝණ පරිශ්‍රයේ පැවති වැඩ පෙළපාලියකින් දිනයේ කටයුතු ආරම්භ විය.පෙළපාලිය අමතමින් අණදෙන නිළධාරියා විසින් මෙම බලඝණය මාතෘභූමියට කරන ලද සුවිශාල මෙහෙවර සහ කුරිරු ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා සිදු කළ  කැපකිරීම් සිහිපත් කළ අතර‍ මෙම ප්‍රහාරක බලඝණයේ ඇති වත්මන් වැදගත්කම පෙන්වා දෙන ලදී.

අංක 5 ප්‍රහාරක බලඝණය යනු1990 වසරේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එම්.ජේ.ටී.ඩී.ඊ.එස්. ගුණවර්ධන මහතාගේ අදහස මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කරන ලද ප්‍රථම ජෙට් බලඝණයයි. මෙම බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පිහිටුවන අතර  FT-5,FT-7,F‍-7 ගුවන් ආරක්ෂක දින ප්‍රහාරක යානා හතරක් 2000 වසරේදී Mig-2s සමඟ මෙම බලඝණයට එකතු කරගන්නා ලදී. කොටි ගුවන් තර්ජනයට මුහුණ දීම සඳහා  F‍-7S ප්‍රහාරක ජෙට් යානා 2007 සැප්තැම්බර් 07 වැනි දින ගුවන් හමුදාවට එක්කර ගන්නා ලදී.

ආරම්භයේ සිටම අණදෙන නිළධාරීන් දස දෙනෙකු සමන්විත බලඝණයේ වගකීමට උරදී ඇති අතර කුරිරු කොටි ත්‍රස්තවාදීන් ඉදිරියේ මාතෘ භූමිය වෙනුවෙන් අභීතව සටන් කළ ප්‍රහාරක ගුවන් නියමුවන් 26කට අධික පිරිසක් බිහිකර ඇත.

වසර ගනනාවක් තිස්සේ අංක 5 ප්‍රහාරක බලඝණයේ කීර්තිමත් සේවය හේතුවෙන්  ජාතියට සිදු කරන ලද සුවිශේෂී සේවය සැලකිල්ලට ගනිමින් 2021 දී ජනාධිපති වර්ණ පිරිනමන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.