ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය  (2022 පෙබරවාරි 01) දින පැවති අතර කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජී.පී.එන්.සී.පියසේන නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ.වර්ණසූරිය නිලධාරීතුමන් වෙත වැඩ භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ.වර්ණසූරිය නිලධාරීතුමන් මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරෙහි පුහුණු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී  කරනු ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.