ශ්‍රී ගුවන් හමුදා මොරවැව කඳවුර විසින් අඩු ආදායම්ලාභී ගොවි ප්‍රජාවගේ කුඹුරු අස්වනු නෙලීම සිදු කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ‘සෞභාග්‍යයේ සහ තේජස පිළිබඳ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගත වෙමින් ගුවන් හමුදාවට අලුතින් ලබාගත් අස්වනු නෙළන යන්ත්‍රය භාවිතයෙන් වී අස්වනු නෙලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උපදෙස් දෙන ලදී.

ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස ගේ අධීක්ෂණය යටතේ මෙම  ක්‍රියාකාරකම 2022 පෙබරවාරි 12 වන දින මොරවැව ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.

මෙම ප්‍රජා සේවා වගකීම් ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ අඩු ආදායම්ලාභී වී ගොවීන්ගේ අස්වනු නෙළීම සිදු කර අස්වනු නෙළීමේ පිරිවැය අඩු කර ඔවුන්ගේ ඉපැයීම් වැඩි කර ගැනීමෙ සදහා දිරිගැන්වීම ලබාදීමයි. මුල් අදියරේදී මොරවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මොරවැව ප්‍රදේශයේ වී ගොවි සමිතිවල නිර්දේශය යටතේ කුඹුරු ගොවි පවුල් 31ක් තෝරා ගන්නා ලදී. මෙම මූලික අදියරේදී එක් පවුලක අක්කර 3 බැගින් නොමිලේ අක්කර 93 ක අස්වැන්නක් නෙලීමට අදහස් කෙරේ. දෙවන සහ තුන්වන අදියර පිළිවෙලින් කනගහවැව සහ අම්පාර යන ප්‍රදේශවලදී සිදු කෙරේ.

සමාරම්භක අවස්ථාව  සඳහා මොරවැව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ ගුවන් භටයින් සහ ප්‍රදේශයේ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.