මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රොහල් කාර්ය මන්ඩලය වෙත භාරදෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය රෝහලේ,ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව නිල වශයෙන් භාරදීම සහ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ඊයේ (2022 පෙබරවාරි 15) දින  පවත්වන ලදී. රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ රෝහල් කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කරන ලදී.ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.අනතුරුව වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ප්‍රතිකාර පහසුකම් ආරම්භ කිරීම සනිටුහන් කරමින් පිරිත් සජ්ඣායනයක් ද සංවිධානය කර තිබුණි.

කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර නියෝජනය කරමින් නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් සහ මුල්ලේරියාව රෝහලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.