ජාතික කාර්මික කර්මාන්ත විශිෂ්ට දක්‍ෂතා අතරට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පැසසුම් ලබයි

ජාතික කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 15 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී පැවැත්විණි.

විවිධ කාර්මික අංශ සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ට දස්කම් දැක්වූ පුද්ගලයින් හට ජනාධිපතිතුමා අතින් ප්ලැටිනම් සම්මානය පිරිනමන ලදී.ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකික දේශීයව එක්රැස් කර නිෂ්පාදනය කරන ලද රථ හදුන්වාදීමෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අඩු වියදමින් නිර්මාණය කරන ලද වාහනයක් ඇගයීමට ලක් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පර්යේෂණ හා සංවර්ධන  පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් චන්දිමාල් හෙට්ටිආරච්චි,කටුනායක ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මලිත කුමාරගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.