ගුවන් ආරක්ෂක පුහුණු පාසල 10 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ ගුවන් ආරක්ෂක පුහුණු පාසල සිය 10 වන සංවත්සරය අද (2022 පෙබරවාරි 23) දින සමරනු ලබයි.

ගුවන් ආරක්ෂක තුවක්කු පුහුණු පාසල මුලින් 2012 ජනවාරි 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ඉරණමඩු වෙත මාරු කරන ලද අතර පසුව 2012 පෙබරවාරි 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තනි කණ්ඩායමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

10 වැනි සංවත්සර දිනයට සමගාමීව ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක ගුවන් ආරක්ෂක පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් මහේෂ් ගුණරත්න නිළධාරීතුමන්ගේ මගපෙන්වීමට අනුව රාමනාදන්පුරම් ට්‍රයිස්ට් බාලිකා නේවාසිකාගාරයේ දැරියන් සහ කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.මෙම අවස්ථාවට ගුවන් ආරක්ෂක පුහුණු පාසලේ නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.