ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 පෙබරවාරි 24) දින සිදු කරන ලදී.නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වී.බී.එදිරිසිංහ නිලධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ඒ.වී.ජයසේකර නිලධාරීතුමන් වෙත වැඩ භාරදීමෙන් පසු එයාර් කොමඩෝර් එදිරිසිංහ නිලධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

එයාර් කොමඩෝර් ඒ.වී.ජයසේකර නිලධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරියා ලෙස වැඩ බලන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.