කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වැනි සංවත්සරය අද (2022 ජුනි 22) සමරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතන තුළ සියලුම ආකාරයේ විදුලි හා යාන්ත්‍රික ස්ථාපනයන්, ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, ශීත කාමර සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා මෙම අංශය පිහිටුවන ලදී.

කඳවුරු පරිශ්‍රයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනකින් දින සැමරුම ආරම්භ වූ අතර ඉන් අනතුරුව ක්‍රිකට් තරඟාවලියක් ද සංවිධානය කර සේවා නිලධාරීන් අතර සහෘදරත්වය වර්ධනය කරන ලදී.  පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ.එම්.පී හේවාපතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ පක්‍ෂාංගයේ සේවා පුද්ගලයින් විසින් මෙම සමස්‌ත සැමරුම සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.