අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 16 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 87 සිංහල මාධ්‍ය අධිකාරී කොළත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (2022 මැයි 26)  දින පවත්වන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් වයිස් මාර්ෂල් ජේ.පී බාලසූරිය මහතා සහභාගී විය. ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලද්දේ පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්එන්ඩී සේනාධීර මහතා විසිනි.

මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් තුළ මනා අධ්‍යාපනික හා කළමනාකරණ දැනුමක් තහවුරු කිරීම සහ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමයි.

අංක 16 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 87 සිංහල මාධ්‍ය  පාඨමාලා ගුවන් හමුදාවේ ජේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 73 දෙනෙකුගෙන් හා කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 69 දෙනෙකුගෙන් ද, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකුගෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකුගෙන් සමන්විත විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.