කූරගල රජමහා විහාරයේ නව ඉදිකිරීම් විවෘත කිරීම සහ 2022 රාජ්‍ය වෙසක් ආගමික උත්සවය සඳහා ගුවන් හමුදාව එක්වෙයි

කූරගල රජමහා විහාරය නමින් හැඳින්වෙන පුරාණ බෞද්ධ ආරාමයට වසර 2300කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන දායාදයක් නිරූපණය කළ මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බෞද්ධ ආගමික ස්ථානය නවීකරණය කර විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස ඊයේ (2022 මැයි 17) විහාරස්ථාන පරිශ්‍රයේදී එක්විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ සහ සුභසාධන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ දානමය පිංකම්, ගිලන්පස පූජා, වෙසක් බැති ගී සහ වෙසක් කූඩු ප්‍රදර්ශනය සඳහා ගුවන් හමුදාව සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සුභසාධන අධ්‍යක්‍ෂ මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ගෲප් කපිතාන් එස්ඩී කළුබෝවිල, ප්‍රාසාංගික කලා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එච් ඩබ්ලිව් ආර් චන්දිම, දියතලාව කදවුරු වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන්.ඒ.අයි. ද සිල්වා ඇතුලු නිළධාරීන් සහ ගුවන් භටයින් මෙම පිංකම සඳහා දායකත්වය ලබා දුන්හ.
  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.