70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව - 2021/2022 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දිනා ගනී

70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය - 2021/2022 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 ජුනි 03 සහ 04 යන දිනයන්හිදී ශ්‍රී ජයවර්ධනපුර පිහිනුම් තටාක සංකීර්ණයේ සහ ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී පැවැත්විණි.

තරඟාවලියේ අනෙකුත් තරඟකරුවන්ට එරෙහිව තරඟ ඉසව් ජයග්‍රහනය කිරීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වූ අතර 2021/2022 70 වන ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ රන් පදක්කම් 01ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 05ක් ලබා ගනිමින් ගුවන් හමුදා ජීවිතාරක්ෂක පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරයන් බවට පත් විය. පිරිමි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම විසින් රන් පදක්කම් 08ක් සහ රිදී පදක්කම් 08ක් හිමිකරගෙන ඇත. එසේම ගුවන් හමුදා පිරිමි ‘බී’ කණ්ඩායම සමස්ත පළමු අනුශූරතාව ද හිමි කර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.