පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

එයාර් කොමඩොර් අක්තාර් ඉම්රාන් සද්දෝසායිගේ ප්‍රධානත්වයෙන් පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (2022 ජුනි 07) සවස ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ මහතා විසින් පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂක මාණ්ඩලික එයාර් කොමඩෝර් අක්තාර් ඉම්රාන් සද්දෝසායි ඇතුලු නියෝජිත කණ්ඩායම ඇමතීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දූත පිරිස සහ මාණ්ඩලික ප්‍රධානී අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'පශ්චාත් ගැටුම්කාරී භූමිකාව සහ අභියෝග' පිළිබඳව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් ප්‍රියංක හේරත් විසින් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.