පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මූලික පාඨමාලා සහතික සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 42 නිලධාරී, අංක 58 ගුවන් භට සහ අංක 33 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ මූලික පාඨමාලාව සඳහා සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය අද (2022 ජූනි 15) දින පාලවිය කදවුරු පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් කොමඩෝර් ඩීසීඅයි  වීරසූරිය මහතා සහභාගී විය.

 මෙම පෙළපාලිය ගුවන් හමුදා නිලධාරීන් 02 ක්, නාවික හමුදා නිලධාරීන් 02 ක්, ගුවන් භටයින් 17 ක් සහ නාවිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත විය. උත්සවයේදී පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මූලික පුහුණුව නිම කිරීම සනිටුහන් කරමින් අභ්‍යාසලාභීන් 27 දෙනෙකුට සහතික පත් සහ නිල ලාංඡන හිමි විය.

 නිලධාරි පාඨමාලාවේ හොඳම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ නිලධාරියා ලෙස ලුතිනන් ඩීඒසීඑස් චතුරංග ද, ගුවන් භට සහ නාවික පාඨමාලාවලින් හොඳම ගුවන් භටයා ලෙස නායක ගුවන් භට වීරසිංහ ජී.ටී. ද මෙහිදී සම්මාන ලාබා ගන්නා ලදි.

>

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.