සේවා වනිතා බේකරිය සහ අයිස්ක්‍රීම් අලෙවි සැල විවෘත කෙරේ

 ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් නව සේවා වනිතා බේකරියක් අද (2022 ජුනි 16) ගුවන්පුර ගුවන් හමුදා පොදු සේවා නිල නිවාස පරිශ්‍රයේ දී විවෘත කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ නේවාසික ප්‍රදේශයට සහන මිලට බේකරි නිෂ්පාදන ලබා දීමෙන් සේවා සහ සිවිල් පුද්ගලයින් යන දෙඅංශයෙන්ම පහසුකම් සැලසීමයි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ මහතාගේ ආරාධනයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි විසින් ළමුන්ගේ විනෝදාස්වාදය සඳහා අලුතින් ස්ථාපිත අයිස්ක්‍රීම් වෙ‍ළදසැලක්ද එදින විවෘත කරන ලදී.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් ලේකම් ගෲප් කපිතාන් අනුරුද්ධ විජේසිරිවර්ධන, කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපති ජනකමාලි වාසගේ මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.