නව නිළධාරී නේවාසික නිවස්නය ගුවන් හමුදාපතිතුමන් විසින් විවෘත කරන ලදී

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද (2022 ජුනි 24) දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද නිළධාරී නේවාසික නිවස්නය විවෘත කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් උදුල විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ සහ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු පක්‍ෂංගය විසින් මෙම නිලධාරීන්ගේ නේවාසික නිවස්නය  සැලසුම් කර ඉදිකරන ලදී.අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල නානකාමර සහිත අංගසම්පූර්ණ කාමර 18 කින් සමන්විත වේ.

විවෘත කිරීමේ උත්සවය සඳහා  මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඩේමියන් වීරසිංහ මහතා ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.