ගුවන් හමුදාධිපති කුසලාන අන්තර් කදවුරු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2022

ගුවන් හමුදාධිපති කුසලාන අන්තර් ඒකක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2022 ඊයේ (2022 ජූලි 29) කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේදී නිමාවට පත් විය. ක්‍රිකට් තරඟාවලිය 2022 ජූනි 20 සිට 29 දක්වා ගුවන් විධාන තුනක් නියෝජනය කරන සියලුම ගුවන් හමුදා කදවුරැ වල සහභාගීත්වයෙන් ඉතා උද්යෝගයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් පවත්වන ලදී. මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිරීතිවලට අනුව පරිපාලනය කර තිබුණි. සෑම කණ්ඩායමක්ම ඔවුන්ගේ කදවුරැ වල නිලධාරියෙකු, ගුවන් භටයින් / ගුවන් කාන්තාවන් හා සිවිල් වැසියෙකුගෙන් සමන්විත විය.

අවසන් මහා තරගයේදී ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පන්දුවාර 10කදී කඩුලු 09ක් දැවී ලකුණු 87ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පන්දුවාර 08යි පන්දු 02කදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 88ක් රැස් කරමින් ජයග්‍රහනය වාර්ථා කර ගන්නා ලදි

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් දුෂ්‍යන්ත රත්නායක, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ජානක අමරසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් සේනක ප්‍රනාන්දුපුල්ලේ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ලසිත සුමන්වීර ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.