By SLAF Media ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල ප්‍රධානී ගුවන් හමුදාපතිවරයා හමුවෙයි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ප්‍රධානී ලෙස පත්වූ මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා අද (2022 ජුනි 29) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. SHARE