නව යුධ හමුදාපති තුමන් ගුවන් හමුදාධිපති තුමන් හමුවෙයි

නව යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුම් ලියනගේ යුධ හමුදාපති ධූරයට පත්විමෙන් අනතුරුව අද දින (2022 ජුනි මස 09) ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ  නිළ සංචාරයක නිරත වු අතර නව යුධ හමුදාපතිවරයා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි සිදූවිය.  

ගුවන් හමුදා මුලස්ථානට පැමිණි නව යුධ හමුදාපතිවරයා ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදි ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් දිල්ෂාන් වාසගේ නිලධාරි තුමන් විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් නව යුධ හමුදාපති තුමන් හට ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.  

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් යුධ හමුදාපති ධූරයට පත්වීම පිළිබදව නව යුධ හමුදාධිපති තුමන් වෙත සුභ පැතුම් එක්කරන ලදි. අනතුරුව දෙපාර්ශවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුවමාරු කරගත් අතර යුධ හමුදාපති තුමන් විසින් සමරු සටහනක් තැබීමද සිදුවිය.

නව පත්වීමි ලද යුධ හමුදාපති තුමන් හට සුභ පැතිම සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද මෙම අවස්ථාව සදහා සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.