ගුවන් හමුදාව විසින් "Air Power Doctrine" එළිදක්වයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ අද (2022 මාර්තු 02) දින ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී තුමාගේ කාර්යාලයේදී " Air Power Doctrine" එළිදැක්වීම සිදු කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ දැනුමෙන් සමන්විත වෘත්තීය මණ්ඩලයක් මෙහි කටයුතු සිදු කරන ලදි.

කමිටු ප්‍රධානී, මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ මහතා විසින් " Air Power Doctrine" හි මූලික පිටපත ගුවන් හමුදාධිපතිතුමන් වෙත භාර දෙන ලදී.

වසර 30ක අභ්‍යන්තර ගැටුම් හරහා ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ගුවන් බලය යෙදවීමේ අද්විතීය අත්දැකීම් ඔස්සේ උගත් පාඩම් සමඟින් " Air Power Doctrine" සකස් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.