රෙජිමේන්තු විශේෂ බලකායන් සිය 19 වැනි සංවත්සරය සමරයි

මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා (RSF) පක්ෂාංගය සිය 19 වන සංවත්සරය ඊයේ (2022 ජූලි 07) සමරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රභූ හමුදා අංගයක් ලෙස ගුවන් හමුදා කඳවුරුවලට සේවය කිරීමේ මූලික අරමුණ ඇතිව 2003 දී ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂංගයය පිහිටුවන ලදී. පසුව ප්‍රමාණවත් මෙහෙයුම් සහ පුහුණු අවශ්‍යතා සැපයීම සඳහා මෙම පක්ෂාගය මොරවැව ගුවන් හමුදා කඳවුර වෙත ගෙන යන ලදී.

සැමරුම් උත්සවය ආරම්භ වූයේ, රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංග අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සුමිත් බණ්ඩාර මහතාගේ අධීක්ෂනය යටතේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියෙනි. උත්සව සභාව ඇමතූ ඔහු, රෙජිමේන්තු විශේෂ බළකායේ සමාරම්භක දින සිට එහි සංවර්ධනයට දායක වූ සියලුම හිටපු අණදෙන නිළධාරීන්ට සහ අනෙකුත් සාමාජිකයින්ට සිය ස්තුතිය පුද කළේය. ආගමික උත්සවයෙන් අනතුරුව ත්‍රිකුණාමලයේ "රේවත ළමා ළමා නිවාසය" වෙත අත්‍යාවශ්‍ය වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද මෙදින සිදු කළ අතර මෙම වැඩසටහන් සදහා අණදෙන නිළධාරී ඇතුලු සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කදවුරු ක්‍රීඩා පිටියේදී පැවති එල්ලේ තරඟාවලියකින් සංවත්සර දිනයේ වැඩකටයුතු අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.