"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 36 වන අදියර හඟුරන්කෙතදී සාර්ථකව නිමාවට පත් කෙරිණි

"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 36 වන අදියර ඊයේ (2022 ජූලි 12) වන දින ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර මූලික කර ගනිමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ හඟුරන්කෙත දෙණිකේ විද්‍යාතිලක ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව නිම කරන ලදී.

සිසුන් 500 පමණ ඉගෙනුම ලබන හඟුරන්කෙත දෙණිකේ විද්‍යාතිලක ප්‍රාථමික විද්‍යාලයේ  ප්‍රතිසංස්කරණය කරන ලද පාසල් පුස්තකාලය විවෘත කිරීමත් සමග සංවිධානය කර තිබූ ශිෂ්‍ය නායක ලාංඡන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් එම ගොඩනැගිල්ල ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර විසින් දෙණිකේ විද්‍යාතිලක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සමගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසිනි. මෙම අවස්ථාව සඳහා පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.