'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 38 වැනි අදියර සීගිරියේදී සාර්ථකව නිමාවට පත් කෙරිණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ (2022 ජූලි 29) වන දින 'ගුවන් මිතුදම්'  ව්‍යාපෘතියේ 38 වන අදියර සීගිරිය දිමුතු පෙර පාසලේදී සාර්ථකව නිම කරන ලදී.

දිමුතු පෙර පාසලේ පන්තිකාමර ගොඩනැගිල්ල, ගබඩා කාමරය සහ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මෙම අදියර හරහා සිදු කරන ලදී.අනතුරුව සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දම්මික සමරකෝන් නිළධාරීතුමන් විසින්  එම ගොඩනැගිල්ල දිමුතු පෙරපාසලේ ප්‍රධාන ගුරුවරයා වෙත භාරදෙන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ සීගිරිය ගුවන් හමුදා කදවුර විසින්  ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී. මෙම අවස්ථාවට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.