කතරගම දේවාල පරිශ්‍රයේ නව ගොඩනැගිලි සංකීර්ණය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් කතරගම දේවාල පරිශ්‍රයේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල ඊයේ (2022 ජූලි 31) වන දින කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ විවෘත කරන ලදී.  

ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීමකට අනුව  සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම්කටයුතු සිදු කරන ලදී.

ඊයේ දින පැවති මෙම උත්සවය සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී  චාමිණි පතිරණ මහත්මිය,වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අශෝක කෝරලගේ,එම කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින්, සහ  රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.දිගුකාලීන අවශ්‍යතාවයක් ලෙස පැවති මෙම ප්‍රයත්නය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔවුන් ලබාදුන් නොමසුරු ශ්‍රම සහය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ව්‍යාපෘති කණ්ඩායම වෙත සිය අවංක ස්තූතිය සහ ප්‍රශංසාව පුද කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.