ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ දන්ත වෛද්‍ය රෝහල 08 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ දන්ත වෛද්‍ය රෝහල සිය 8 වැනි සංවත්සරය ඊයේ (2022 අගෝස්තු 1) දින සමරන ලදී. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජේ.පී.ඩබ්ලිව්.ජයවික්‍රම නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියෙන් අනතුරුව සැමරුම ආරම්භ විය. රැස්ව සිටි පිරිස ඇමතූ ඒ මහතා, රෝහලේ ආරම්භයේ සිටම එහි සංවර්ධනයට දායක වූ අතීතයේ සේවය කළ දන්ත වෛද්‍ය නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කළේය.

විශේෂයෙන් රටේ පවතින මෙම වසංගත සහ අභියෝගාත්මක තත්ත්වය තුළ දැනට රෝහලේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ සක්‍රීය දායකත්වයට ස්තූතිය පුද කරමින් අණදෙන නිළධාරීවරයා සියළුම දන්ත වෛද්‍ය රෝහල් කාර්ය මණ්ඩලයට සහ සිවිල් කාර්ය මණ්ඩලයට සිය සුබ පැතුම් පිරිනමන ලදී.

මෙම සැමරුම සනිටුහන් කරමින් දන්ත වෛද්‍ය රෝහල් සේවා කාර්ය මණ්ඩලය සහ සිවිල් කාර්ය මණ්ඩලය අතර ක්‍රිකට් තරගාවලියක් ද බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.