මිරිගම ගුවන් බාලදක්ෂ කණ්ඩායම විසින් "සුප් දන්සල" වැඩසටහනක් සංවිධානය කරයි

නිකිණි පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම ගුවන් බාලදක්ෂ කණ්ඩායම විසින් ඊයේ (2022 අගෝස්තු 11) දින මීරිගමදී "සුප් දන්සල" වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සමූහයේ සභාපති ගෲප් කැප්ටන් ජේ.ඒ.පී.එස් ජයවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ සහ මීරිගම ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ පුහුණුකරු එන්.පී.එස්.එස් දුරේගේ සම්බන්ධීකරණයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට අනෙකුත් ගුවන් බාලදක්ෂ පුහුණුකරුවන් වන බළපංති සැරයන් රෝහිත, කෝප්‍රල් ප්‍රීතිකුමාර සහ කෝප්‍රල් සංජීව යන අයද සහභාගී වූහ.

මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.එන්.ටී.පී ප්‍රනාන්දු, ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.සී ප්‍රනාන්දු සහ ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ජානක සුගත් පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.