අංක 70 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පුහුණූ පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය පවත්වන ලදී

අංක 70 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පුහුණූ  පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අද (2022 අගෝස්තු 12) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණූ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා සහභාගි විය.

සති 14 ක් පුරා පැවති පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූ අතර, ඉන්  ගුවන් හමුදා බලඝණ නායක සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  නිලධාරීන් ඇතුලත්ව නිලධාරීන් 28 දෙනෙකු  සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු , සැම්බියානු ගුවන් හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුලත් විය.

මෙම පාඨමාලාවෙන් ලබාගත් දැනුම ගුවන් හමුදාවේ සහ ජාතියේ අභිවෘද්ධිය උදෙසා යොදා ගැනීමේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ට පෙන්වා දෙමින්. විද්‍යාලයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සමන් දසනායක මහතා උත්සවය අමතන ලදී.

පාඨමාලා අංක 70 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පුහුණූ පාඨමාලාවේ සම්මානලාභීන්


සෑම අතින්ම දක්ෂතම නිලධාරියා
බලඝණ නායක ජි.ඩී.ටි.ඩී.ජයවර්ධන

පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා
බලඝණ නායක ජි.ඩී.ටි.ඩී.ජයවර්ධන

හොඳම පොත් සමාලෝචනය

බලඝණ නායක  ඩබ්ලිව්.ටි.යු ප්‍රනාන්දු

හොඳම  කථිකයා
බලඝණ නායක එම්.ඩී.හෙට්ටිආරච්චි

හොඳම ක්‍රීඩකයා
බලඝණ නායක එච්.එච්.ඩී ජීවන්ත

හොඳම කළමනාකරණ අධ්‍යයනය
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච්.පි.වී.ආර්.එස් රත්නසූරිය

විශිෂ්ටතම ගුවන් බල අධ්‍යයනය
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එල්.ආර්.වීරසේකර

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.