ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකය මහරගම අපේක්ෂා රෝහලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

මාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2022 අගෝස්තු 18 දින මහරගම අපේක්ෂා රෝහලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අනුදැනුම යටතේ මාධ්‍ය අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ නිළධාරීතුමන්ගේ මගපෙන්වීමට අනුව මාධ්‍ය අධ්‍යක්ෂකයේ 14 වැනි සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ගුවන් හමුදාධිපති මාධ්‍ය ඒකකය 2008 මැයි 26 වැනි දින ආරම්භ කරන ලද අතර පසුව  එය මාධ්‍ය අධ්‍යක්ෂකය ලෙස ස්ථාපිත විය.රට තුළ ඇති වූ අර්බුධකාරී තත්වය හේතුවෙන් සංවත්සර සැමරුම පැවැත්වීමට නොහැකි වු අතර  සැමරුමට සමගාමීව අද දින මාධ්‍ය අධ්‍යක්ෂකයේ සියලු දෙනාගේ කැපවීම සහ පරිත්‍යාගශීලීභාවයෙන් ලේ දන්දීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.